විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලංකිකයින් ගණන 4500ක්

මැයි 22, 2020

    කොරෝනා වසංගතයත් සමග විදේශවල සිටි ශ්‍රී ලාංකිකයන් 4500 ක් මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව රජය පවසයි.

    සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, තවත් 41000 ක පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.

    මීට අමතරව සංචාරක වීසා මත තවත් 11000 කට අධික පිරිසක් ද විදේශවල රැඳී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    ඔහු සඳහන් කළේ, එම පිරිස් කඩිනමින් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

    Latest News