මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම හෙට

මැයි 21, 2020

    ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට, ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනුකරනු ලැබූ පෙත්සම්, වැඩිදුර සලකා බැලීම හෙට පෙරවරු 10.00 දක්වා කල් තැබිණ.

    එය සලකා බැලුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ.

    පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද දවස පුරා එම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීය.

    Latest News