icc

ආරක්ෂාවීමට සංඥා මාලාවක්

මැයි 21, 2020

    කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    නව ජිවන රටාවක් උදෙසා යන තේමාව ඔස්සේ කොවිඩ් - 19 රෝගයෙන් වැලැකිමේ සංඥා මාලාව හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    කොවිඩ් - 19 රෝගය පැතිරයාම පාලනය කිීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ ක්‍රියාකාරි කාර්යය සාධන සාමාලෝචන කමිටුව අද (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිඅරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

    එම සංඥා දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළඳසැල් සහ කාර්යාල ආශ්‍රිතව ප්‍රදර්ශනය කිීමට නියමිතයි.

    Latest News