මාලිගාවත්තේදී තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට

මැයි 21, 2020

    මාලිගාවත්ත, ජුම්මා මස්ජිඩ් මාවත ප්‍රදේශයේ පෞද්ගලික ආධාර බෙදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබේ.

    පොලීසිය සදහන් කළේ මෙහිදී තවත් 8 කු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

    අද දහවල් මෙම ආධාර බෙදාදීම ආරම්භ කර ඇති අතර විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඇතැයි පොලීසිය පැවසීය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News