රියදුරු බලපත්‍රයක වලංගු කාලය ජුලි මස 31 දක්වා

මැයි 21, 2020

    රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලය ජුලි මස 31 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් අප්‍රේල් මස 16 වැනි දින සිට කල් ඉකුත් වන රියදුරු බලපත්‍රයක වලංගු කාලය මීට පෙර මැයි 31 දක්වා දීර්ඝ කිරිමට පියවර ගෙන තිබිණ.

    කෙසේවෙතත් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මැයි මස 31 වැනි දිනෙන් වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගුකාලය ජුලි මස 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ.

    Latest News