කුවේටයේ අතරමංවූවන්ගෙන් පිරිසක් ලංකාවට

මැයි 21, 2020

    කොරෝනා වසංගත සමයේ මැදපෙරදිග අතරමංව සිටින විදේශ සේවයේ සේවක සේවිකාවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම් ඉටුකරන්නට ආණ්ඩුව පියවර ගෙන ඇත.

    අද දින පෙරවරුවේ කුවේටයේ රැදී සිටි ලාංකිකයන් 462 ක් කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

    පළමු කණ්ඩායම ලෙස 300 ක පමණ පිරිසක් ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද, ගුවන් යානය පිටත්වන මොහොත වනවිට විට කුවේට් ගුවන් තොටුපළ වෙත පැමිණීමට හැකිව තිබුණේ 287 ක පමණ පිරිසකට පමණක් බවද වාර්තා වේ.

    ඔවුන්ගේ දෙවන කණ්ඩායම ලෙස කුවේටයේ රැදී සිටි තවත් ලාංකිකයන් 162 ක් රැගෙන කුවේට් ගුවන් සේවයේ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීයේය.

    මේ අතර, කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටින ලාංකිකයන් ගණන 19,000 ක් පමණ බව වාර්තා වී ඇත.

    රටින් පිටවීම සඳහා කුවේට් රජය විසින් ලබා දී තිබූ පොදු ක්ෂමා කාලය උපයෝගී කර ගනිමින් කොරෝනා වසංගත සමයේ තානාපති කාර්යාලය වෙත පළා ආ පිරිසක්ද ලංකාවට ගෙන්වා ගෙන තිබේ.

    මෙම පිරිස නිරෝධායනයට යොමුකරවන බව නිවේදනයකර ඇත.

    Latest News