කොළඹ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට

මැයි 21, 2020

    කොළඹ මහ නගර සභා සීමාවේ වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට යළි ආරම්භ කෙරේ.

    කොරෝනා වසංගතයත් සමග පැන වූ පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග නගරයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ එක් අදියරක් යටතේ මෙම පියවර ගැනෙනු ඇති.

    කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ ඛාණ්ඩ 8 ක් යටතේ වාහන නැවැත්වීම සඳහා ගාස්තු අය කිරීම සිදු කෙරෙන බවයි.

    ස්වයංක්‍රීය වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමේ ක්‍රියාවලිය ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ මෙන්ම ඊට සම්බන්ධ මාර්ගවල ක්‍රියාත්මක වන බව ද කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.

     

    Latest News