අම්ෆන් රැගෙන ගිය මෙරට ධීවර බෝට්ටු යළි දිවයින දෙසට

මැයි 21, 2020

    ‘අම්පන්’ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියාව දෙසට යාත්‍රා කළ මෙරට බහුදින ධීවර යාත්‍රා 30 න් 29 ක් යළිත් දිවයින බලා යාත්‍රා කරමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

    ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ධීවරයින් 180 දෙනෙකු එම යාත්‍රාවල සිටින බවයි.

    ඉන්දුනීසියානු වෙරළට නාවික සැතපුම් 200 ක් පමණ ආසන්නයේ සිට යාත්‍රා කරන මෙම බහුදින ධීවර යාත්‍රාවලට අවශ්‍ය සහය ලබාදීම සඳහා අද දිනයේ නාවික හමුදා යාත්‍රාවක් එම ප්‍රදේශය කරා යාත්‍රා කිරීමට ද සැළසුම් කෙරිණ.

    මෙලෙස ඉන්දුනීසියානු මුහුදු තීරයට යාත්‍රා කර ඇත්තේ ගාල්ල, හම්බන්තොට හා ත්‍රිකුණාමලය වෙරළ තීරයෙන් ධීවරයින් රැගෙන පිටත් වූ යාත්‍රා 30 ක් බව එම දෙපාර්මේන්තුව පවසයි.

    ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, එක් යාත්‍රාවක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාව අතහැර අනෙක් යාත්‍රා 29 මෙටට ගෙන්වීමට කටයුතු කළ බවයි.

    එම යාත්‍රාවේ සිටින ධීවරයින් වෙනත් යාත්‍රාවක ආධාරයෙන් ගෙන්වීමට කටයුතු යොදා තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මැයි 2020 16:09

    Latest News