විදේශ දූත මණ්ඩලයෙන් කොවිඩ් අරමුදලට පරිත්‍යාගයක්

මැයි 16, 2020

    විදේශ සබඳතා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තනාපති සේවා කාර්ය මණ්ඩලය විසින් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 27.7ක් පරිත්‍යාග කර තිබේ.

    මුදල ඇතුළත් චෙක්පත විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාඨ ආරියසිංහ මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

    මූල්‍යමය ආධාරයට අමතරව, පෞද්ගලික ආරක්ෂක උපකරණ,උෂ්ණමානක,පරීක්ෂණ උපකරණ හා ආර්ද්‍ර උපකරණ වැනි වෙනත් අත්‍යවශ්‍ය උපකරණ විශාල තොගයක් ද පරිත්‍යාග කර ඇති අතර ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ ද රුපියල් මිලියන 2.8ක මුදලක් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 16 මැයි 2020 12:02

    Latest News