හොරණ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

මැයි 16, 2020

    හොරණ, අරමණාගොල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළ පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් යකඩ මිටියකින් තවත් තිදෙනෙකුට පහර දීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇත.

    පොලිසිය සදහන් කළේ එක් අයෙකු බරපතල තුවාල සහිතව හොරණ රෝහලට ඇතුලත් කර ඇති බවය.

    ඊයේ(15) උදෑසන 11.15ට පමණ මෙය සිදුව තිබේ. මිය ගොස් ඇත්තේ 33 හා 53 වයස්වල පසුවන හෙට්ටිපොල, කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

    සිද්ධිය සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය විමර්ශන සිදු කරනු ලැබේ.

    Latest News