ත්‍රිකුණාමලයේ වැලි කැණීමට නව බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

මැයි 12, 2020

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

    දැනට බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට කැණීම් සිදු කළ හැකි බවයි දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. ඩී. එම්. අසංක අබේවර්ධන මහතා පවසන්නේ. ඔහු මේ බව කියා සිටියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවදීය.

    වැලි කැණීම්වලදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු අතර, පරිසර හානිය අවම වන පරිදි එය සිදු කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කරයි. දිස්ත්‍රික්කයේ වැලි කැණීම් බලපත්‍ර හිමියන් 800ක් පමණ සිටිති. වැලි කැණීම් හා ප්‍රවාහනයේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාතම්ක කරන ලෙස අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දෙනු ලැබිණි. පොලිස් හා නාවික හමුදා නිලධාරීන්, දිස්ත්‍රික් වැලි කැණීම් සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මීට එක්විය.

    Latest News