පුහුණුවකට ඉන්දියාවට ගොස් සිටි නාවික භටයින් 10ක් ඉන්දියානු යුධ නැවකින් ශ්‍රී ලංකාවට

මැයි 11, 2020

    ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු එම පුහුණු පාඨමාළාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් මගින් දකුණු මුහුදු තීරය වෙත ගෙන්වා ගැනීමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (11) කටයුතු කරන ලදි.

    දෙරටටම බලපා ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, ජාන්‍යත්තර ගුවන් ගමන් තාවකාලිකව නවතා ඇති පසුබිමක ඉන්දියානු නාවික හමුදාවට අයත් ඉන්දීය නාවික නෞකා ශර්ධා (INS SHARDHA) නෞකාව මගින් මෙම නාවික පුද්ගලයින් පිරිස ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරය වෙත ගෙන එන ලදි. පසුව දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් එම නාවිකයින් පිරිස ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි.

    මෙලෙස ගාල්ල වරාය වෙත ගෙන එන ලද නාවික පුද්ගලයින් පිරිස දැනට පවතින වාතාවරණය මත සියළුම සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පූර්ණ විෂබීජහරණයකට ලක් කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කර බලාදින 14ක නිරෝධායන ක්‍රියාවලිකයකට යොමු කිරීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.

    Latest News