කොළඹින් හමුවූ ආසාදිතයින් ගණන 150ක්

මැයි 09, 2020

    මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150ක් වෙයි.

    පුත්තලම දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 35 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11 දෙනෙකු ලෙස කොවිඩ් 19 ආසාදිතයින් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    අවදානම් සහිත ප්‍රදේශවල ප්‍රජාව අතර සිදුකළ වෛද්‍ය පර්යේෂණවල දී කොරෝනා ආසාදිතයින් වාර්තා නොවූ බවයි, මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරීවත්තගේ මහතා පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 09 මැයි 2020 10:46

    Latest News