ඔස්ට්‍රේලියාවේ සිටි බංගලාදේශ ජාතිකයින්ට ශ්‍රී ලංකන් ගුවන් පහසුකම්

මැයි 09, 2020

    තම රට වෙත යෑමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ කොටු වී සිටි බංගලාදේශ ජාතිකයින් 165 දෙනෙක්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංගලාදේශය වෙත යැවීම සඳහා ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියේය.

    එම විශේෂ ගුවන් යානය රාත්‍රී 8.5ට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔස්ට්‍රේලියාවේ,මෙල්බර්න් නුවර සිට බංගලාදේශයේ ඩකා නුවර වෙ ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගයක් නොමැති බැවින්, මෙසේ එම ගුවන් මගින් ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ පසුව යළිත් බංගලාදේශයේ ඩකා වෙත රැගෙන යෑම සිදු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 09 මැයි 2020 12:42

    Latest News