කොරෝනා හමුවේ වැඩකරන ජනතා හඬ (වීඩියෝ)

මැයි 01, 2020
  • අද මුළු ලෝකයේම වැඩකරන ජනතාවගේ දිනය.

    මේ දවස දිනා ගැනීමට මෙන්ම රැක ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. බොහෝ කම්කරුවන් කැපකිරීම් සිදු කළේය. ඒ, සියල්ල අදටත් අපේ හදවත් තුළ ජීවමානයි. නමුත්, අද මුළු ලෝකයටම ඒ කැපකිරීම් කළ ජනතාව සමරන්නට අවස්ථාවක් නැහැ. මේ ජාතික රූපවාහිනියේ අපි, වැඩකරන ජනතාව වෙනුවෙන් තබන වැඩසටහනක්.

    ඒ, අපේ රටේ වැඩකරන කම්කරු ජනතාවගේ හඬ. කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වී තිබෙන අවස්ථාවක වුවත්, ඔවුන් රට ගොඩනඟන්න දක්වන දායකත්වය අප සියලු දෙනාගේම නොමඳ ප්‍රශංසාවට ලක්විය යුතුය. ඇගැයීමට ලක්විය යුතුය. මෙවැනි අවස්ථාවක වුවත් අපිරිසිදු වූ නගර, නිවාස අපට දක්නට ලැබුණේ නැත. ඒ, ඔවුන් තම රට කෙරෙහි දක්වන අසීමිත ආදරය හා කැපවීමයි.

    ඒ වගේම අප ගොවි ජනතාව ද මේ මොහොතේ ඉටු කරමින් පවතින්නේ විශිෂ්ට කාර්ය භාරයක්. සමස්ත රටවැසියන්ගේ ආහාර අවශ්‍යතාවය කිසිදු අඩුපාඩුවකින් තොරව ලබාදීමට ඔවුන් සමත්ව තිබේ. මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩකරන ජනතාව ද නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට දිරියෙන් නැගී සිටීම දැකිය හැක. මේ මොහොතේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේ,

    Latest News