හිටපු විපක්ෂ නායකගේ ප්‍රකාශයට අගමැති මාධ්‍ය ඒකකයෙන් පිළිතුරු (වීඩියෝ)

මැයි 01, 2020
  • ලබන සඳුදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන අවසන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවට නිල කැඳවීමක් ඊයේ වනතුරු තමන් වෙත ලැබී නැතැයි, හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ, ඊයේ පස්වරු 5.59ට හිටපු විපක්‍ෂ නායකවරයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාදී ප්‍රේමදාස මහතාටම අදාළ පණිවුඩය දැනුම් දුන් බවයි.

    අද එක්තරා ජාතික පුවත්පතක් කළ විමසීමකට පිළිතුරු දෙමින් තමන්ට නිල කැඳවීමක් ලැබී නැතැයි, සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. එවැනි කැඳවීමක් ලැබෙන්නේ නම්, ඒ පිලිබඳව සමගි බලවේගයේ නියෝජිතයන් සමඟ සාකච්ජා කර තීරණයක් ගන්නා බව, ප්‍රේමදාස මහතා පුවත්පතට ප්‍රකාශ කර ඇත. අග්‍රාමාත්‍යවරයා හැර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 224 දෙනාටම මෙම සාකච්ජාවට පැමිණෙන ලෙස දැනුම් දුන් බව, අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරයාගේ අතිරේක ලේකම්වරයෙකු සජිත් ප්‍රේමදාස මහතාටම පණිවුඩය ලබාදී ඇති අතර, කෙටි පණිවුඩයක් මගින් ද අදාළ කැඳවීම තහවුරු කොට ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතාගේ අතිසනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    Latest News