ශ්‍රී ලංකාවේ ෙකාෙරා්නා සුව වූ ගණන 157 දක්වා ඉහළට

මැයි 01, 2020

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 668ක් වී තිබේ.

    ඒ අද දිනයේ වාර්තා වූ රෝගීන් 3 දෙනාත් සමගයි. එමෙන්ම අද දිනයේ තවත් රෝගීන් 3 දෙනෙකු රෝගය සුවවී නිවෙස් බලා ගොස් ඇත. ඒ අනුව මේ වන විට රෝගීන් 157 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    මේ වන විට 504 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති. ඒ අතර 145 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Latest News