වව්නියාවේ මහකච්චකොඩිය ගම්මානයට පිවිසීම සහ පිටවීම තහනම්

අප්‍රේ 27, 2020

    වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය සති දෙකක කාලයක් හුදකලා කිරීමට අද තීරණය කළ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසනවා.

    එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි නාවික සෙබළෙකු කොවිඩි 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

    මහකච්චකොඩිය ගම්මානයේ ස්ථාන කිහිපයක් වෙත අදාළ නාවික සෙබළා ගමන් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

    වවුනියාව දිස්ති‍්‍රක් ලේකම් සමන් බන්දුලසේන පැවසුවේ පවතින සෞඛ්‍ය අවදානම් තත්වය මත අදාළ ගම්මානය හුදකලා කිරීමට සිදුවූ බවයි.

    ගම්මානයේ ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් සේවා සැපයීම, සෞඛ්‍ය පරීක්‍ෂක පැවැත්වීම කඩිනමින් සිදුකරන බවද ඔහු කියා සිටියා.

    Latest News