ජනපති ලේකම් මැයි මස වැටුප වැන්දඹු අනත් දරු අරමුදලට පවරයි

අප්‍රේ 17, 2020

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මැයි මස සිය පූර්ණ වැටුප සහ දීමනා රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු සහ අනත් දරු අරමුදලට පවරා ඇත.

    තමා ස්වේච්ඡාවෙන්ම එසේ කරනුයේ ජාතියේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමාට දුෂ්කරතා රහිත අය වැයක් අවශ්‍ය නිසා බව ලේකම්වරයා ජනාධිපතිතුමාට දැනුම් දී තිබේ.

    රජයේ මාසික වැටුප් බිල රුපියල් බිලියන 80ක්, එනම් කෝටි 8,000ක් බව ජයසුන්දර මහතා සඳහන් කරයි.

    රාජ්‍ය සංස්ථා, බැංකු සහ විශ්ව විද්‍යාල ඊට එකතු කළ විට රුපියල් බිලියන 90 සිට 100 දක්වා මුදලකට ආසන්න වෙයි.

    COVID- 19 වසංගතය හමුවේ දිළිඳු සහ අවදානමට පත් ජනයාගේ සෞඛ්‍යය සහ සුරක්ෂිතතාව සහතික කිරීමට ජනාධිපතිතුමා දෙන දූරදර්ශී නායකත්වය අන් කවර ජාතියකට වඩා විශිෂ්ට එකකි.

    එබැවින් එතුමාගේ ප්‍රයත්නයට දායකවීම පිණිස තමා මේ තීරණය ගත් බව ජයසුන්දර මහතා පවසයි.

    රජයේ සියලුම සේවකයන් සිය වැටුපෙන් භාගයක් හෝ තමන්ගේ යැපෙන්නන්ට ප්‍රතිලාභ ලැබෙන රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු සහ අනත් දරු අරමුදලට පවරන්නේ නම් මැයි මස රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 50කින් ඉහළ යනු ඇත.

    එසේම රජයේ වියදම රුපියල් බිලියන 50කින් අඩු වී මුදල් හිඟය මසකදී රුපියල් බිලයන 100කින් අඩු වනු ඇතැයි ජයසුන්දර මහතා සඳහන් කරයි.

    Latest News