පාස්කු ප්‍රහාරයේ වසරක් සපිරෙන දා ජීවිතක්ෂයට පත්වූවන් නිවසේ දී සිහිකරන්න...

අප්‍රේ 16, 2020

    පසුගිය වසරේ එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන මේ මස 21 වන අඟහරුවාදා පෙරවරු 8.45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියි.

    පුද්ගල ඒකරාශිවීමකින් තොරව ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වුවන් නිවස තුළදී සිහිපත් කරන ලෙසයි, උන්වහන්සේ ජනතාවට දැනුම් දෙන්නේ.

    ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වත්මන් රජය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන්ද අගරදගුරු මැදුරේ අද (16) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී උන්වහන්සේ සිය ස්තූතිය පළ කළේය.

    ඒ අනුව පසුගිය වසරේ මිය ගිය පිරිස සිහි කිරීම වෙනුවෙන් ඉතා සරල යෝජනා කීපයක් උන්වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබීය.

    සිහිකිරීමට යෝජනා කිහිපයක්

    පෙ.ව 8.40ට සියලුම කිතුණු දේවස්ථානවල සීනු නාද කරන්න (හැකි නම් බෞද්ධ විහාරස්ථානවලද මෙයට එක්වී ඝාණ්ඨාර නාද කරන ලෙස උන්වහන්සේ දැනුම් දෙයි) පෙ.ව 8.45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා ගැනීම පෙ.ව 8.47ට පහනක් දල්වා ආගමික වතාවත් සිදු කරන්න

    විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පමණක් සිදුවන මෙම වැඩසටහන සඳහා හුදෙක් සියලු ජනතාවගේ සහභාගීත්වය බලාපොරොත්තු වන බවද මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පැවසීය.

    Latest News