සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් රක්ෂණ ක්‍රමයක්

අප්‍රේ 09, 2020

    කොවිඩ් - 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට “විරු අභිමන්” නමින් රුපියල් ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ලබා දීමට කටයුතු කර ඇත.

    ජීවිත අහිමි වීමකදී රක්ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද, දරුවන් නොමැති පවුලකට සහ අවිවාහක අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් ද ගෙවීමට කටයුතු කරනු ලබයි.

    සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, උපසථායකයන්, රියදුරන්, සුළු සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් මෙයට ඇතුළත්ය.

    ජනතාව වෙනුවෙන් අවධානම නොතකා සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් නොමිලේ පිරිනමනු ලබන ප්‍රථම සහ එකම රක්ෂණ ක්‍රමය මෙයයි.

    “විරු අභිමන්” සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හඳුන්වා දීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් සිදු කරන ලදී.

    Latest News