රට ගොඩනැගීමට රජයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඇරයුම්

අප්‍රේ 09, 2020

    මෙම දුෂ්කර අවස්ථාවේ දී රට ගොඩගැනීම සඳහා විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදෙස්වල සිටින ද්‍රවශීල අතිරික්ත විදෙස් මුදල් තිබෙන සියලු පාර්ශවයන්ට බදු සහන ලබාදෙන,පොලී අනුග්‍රහනයක් යටතේ විශේෂ ගිණුමක් ආරම්භ කර තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා, ලොව පුරා සිටින පාර්ශවයන්ට මෙම ගිණුමට අවම මාස 06 ක් රඳවා තබා ගත හැකි ලෙස සහතික කළ තැම්පතු ආයෝජනයක් සිදු කළ හැකි බව ද කියා සිටී.

    Latest News