මහා සිකුරාදා - පාස්කු ඉරිදා දේව මෙහෙයන් දේවස්ථානවලදී නොපැවැත් වීමට තීරණයක්

අප්‍රේ 09, 2020

    හෙටට (10) යෙදෙන මහ සිකුරාදා සහ 12 වැනි දිනට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් දේවස්ථාන වලදී නොපැවැත්වීමට තීරණය කර ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි.

    මීට ‍පෙර අවස්ථාවක දී 71 කැරැල්ල නිසා එම වසරේ ද මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පවත්වා නැති අතර, ඉන් පෙර මෙම දේව මෙහෙයන් මෙරට නතර කර ඇත්තේ දෙවන ලෝක සංග්‍රාම සමයේ දී පමණි.

    මහ සිකුරාදා දේව මෙහෙය 10 වැනි දින පස්වරු 3.00 ට සහ පාස්කු ඉරිදා දේව මෙහෙය ඉරිදා (12) පෙරවරු 7.00 ට සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය වන අතර, මහ බ්‍රහස්පතින්දා දේව මෙහෙය අද (9) පස්වරු 4.45 ට ද 11 වැනි සෙනසුරාදා රාත්‍රී දේව මෙහෙය රාත්‍රී 10.00 ට ද සජීවීව රූපවාහිනී සේවාවන් ඔස්සේ විකාශනය කරන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියන් වැඩිදුරටත් පැවැසීය.

    Latest News