කොරෝනා මැඩලීමට යුරෝපා සංගමයෙන් මෙරටට යූරෝ මිලියන 22ක්

අප්‍රේ 09, 2020

    කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩසටහන සහාය වීම සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 22ක අරමුදලක් ප්‍රදානය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ මෙරට කාර්යාලය පවසන්නේ සෞඛ්‍යය, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්‍රයෙන් යළි නගාසිටුවීම සඳහා මෙම ආධාර යොදවනු ඇති බවයි.

    මෙම ප්‍රතිපාදනවලින් කොටසක් මේ මොහොතේ දීත්, ඉතිරිය කොටස් ලෙස වසර තුළ සහ ඉන් ඉදිරියට ලබාදීමට නියමිතයි.

    ප්‍රංශය,ජර්මනිය,ඉතාලිය,නෙදර්ලන්තය,රුමේනියාව යන රටවල මෙරට තානාපතිවරුන් ඇතුළු යුරෝපා සංගම් දූත පිරිසක් ඊයේ දින අත්‍යවශ්‍ය සේවා පිළිබඳව විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මැතිතුමා හමුවී මේ පිළිබඳව දීර්ඝ ලෙන සාකච්ජාවක නිරත විය.

    Latest News