දින නියමයක් නැතිව කල්ගිය අස්ගිරි - මල්වතු උපසම්පදා විනය කර්මය

අප්‍රේ 09, 2020

    කොවිඩ් -19 වෛරසය රටපුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම පිණිස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අවස්ථාවක උපසම්පදා විනයකර්ම මෙවන් අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.

    එබැවින් සියම් මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්හි වාර්ෂිකව සිදුකෙරෙන්නාවූ උපසම්පදා විනය කර්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට මහනායක ස්වාමින්ද්‍රන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

    සෑම වර්ෂයකම වෙසක් පුන් පොහෝ දින සිට පොසොන් පුන් පොහෝ දිනය දක්වා මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් කේන්ද්‍ර කරගනිමින් උපසම්පදා විනයකර්ම සිදුකරන බවත් මෙම වසරේ මැයි මස 07 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් මෙම පුණ්‍යයෝත්සවය ආරම්භ වීමට නියමිතව තිබූ බවත් මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.

    Latest News