මියගිය 7වැනියාගේ අවසන් කටයුතු සිදු කෙරේ

අප්‍රේ 09, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය 7වැනි පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරිණ. ඒ අද (09) පෙරවරු 11.30ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී. ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව දේහය ආදාහනය කෙරිණ.

    එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනකු ද සහභාගී විය. මියගිය පුද්ගලයා 44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් වෙයි. ඔහු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී මියගියේය.

    ජර්මනියේ සංචාරයක නිරත වී මෙරටට පැමිණිමෙන් අනතුරුව ඔහුට වෛරස වැළදී ඇති බවයි, සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 13:13

    Latest News