අද කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

අප්‍රේ 09, 2020

    අද (09)ද පස්වරු 1.00 සිට හෙට උදෑසන 7.00 දක්වා කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව කොළඹ 09,14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඔ 13,15 ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයුම ලබාදීමට නියමිතයි.

    මේ අතර අද පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා අනුරාධපුර නගරය ,විජය පුර,තුරුවිල,තලාව සහ නාච්චාදුව යන ප්‍රදේශවලටද පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 08:35

    Latest News