ඇඳිරි නීතිය අලුත්ම නිවේදනය

අප්‍රේ 09, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර , යාපනය දිස්ත්‍රික්කවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

    සෙසු සියලු දිස්ත්‍රික්කවල අද(09) උදේ 06.00 ට ඇඳිරි නීතිය ලිහිල් වු අතර, එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 08:37

    Latest News