හෙට ඉර මුදුන්වන ප්‍රදේශ මෙන්න

අප්‍රේ 08, 2020

    ප්‍රදේශ 6කට හෙට (09) දහවල් 12.12ට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුරුකැප්පෙටියාව, පොතුවැව, පොල්ගහගංගොඩ, උල්පොතවැව, ආවඩ්ඩාවේලි සහ ඌරනි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 වැනි දින සිට 14 වැනි දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News