අලි මදිවට කොටි - කොවිඩ් මදිවට රළත් නැගේලූ

අප්‍රේ 08, 2020

    පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

    ඒ අනුව මෙම ප්‍රදේශයන්හි මුහුදු රළ මීටර 2 - 2.5 ත් අතර ඉහළ යෑමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ හේතුවෙන් මුහුදු රළ ‍ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

    එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.

    ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News