ඉරණවිලත් කොවිඩ් - 19 ට සූදානම්

අප්‍රේ 08, 2020

    ඉරණවිල පිහිටි ‘වොයිස් ඔෆ් ඇමෙරිකා’ ගොඩනැගිලි සංකීර්ණය ‘කොවිඩ් – 19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය සහ සෞඛ්‍යය අංශ වෙත පවරාදේ.

    කෙටි කලක් තුළ 1 වන ඉංජිනේරු සේවා බලකා භට පිරිස් හි ශ්‍රමදායකත්වයෙන් මෙය නවීකරණය කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍යය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    තවද, වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලය 20 දෙනෙකුගෙන් සමන්විත මෙම නව ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 40 කින් යුතු වන අතර, කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා රොබෝ තාක්ෂණය සහ ස්වයංක්‍රීය නියමු වාහන යොදා ගැනීම ද සිදු කෙරේ.

    Latest News