2020 සිංහල,හින්දු අවුරුදු නැකත් චාරිත්‍ර ගැන රජයෙන් නිවේදනයක්

අප්‍රේ 08, 2020

    2020 සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ නැකැත් සීට්ටුව නිකුත් කර තිබේ.

    ඒ බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාං‍ශයේ ලේකම් එම්.කේ.බන්දුල ‍හරිස්චන්ද්‍ර මහතා විසින්. දිවයින තුළ පවත්නා වත්මන් පීඩාකාරී තත්ත්වය හේතුවෙන් අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කිරීම සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ‍එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    ඒ අනුව නිවසේ සාමාජිකයින් සමඟ පමණක් නැකැත් චාරිත්‍ර සිදු කිරීමට සහ සරල ආහාර ද්‍රව්‍ය සකස් කර ගෙන චාරිත්‍ර ඉටු කිරීමටත් නිවසේ සිටම ආගමානුකූල කාර්යයන් ඉටු කරන ලෙසත් රජය දන්වා සිටියි.

    කොරෝනා වෛරසය ලෝක‍යම වෙලා ගෙන තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට සහ ලක්වාසී සෑම සියලු දෙනාට පීඩාවක් නොවන පරිදි සහ මෙම වෛරසය ව්‍යාප්ත නොවන පරිදි මෙම අවස්ථාවේ දී ක්‍රිය කිරීම අපගේ වගකීමක් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

    Nekath

    Nekath2

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 12:34

    Latest News