දින 14 ක නිරෝධායනය 21 ක් දක්වා දීර්ඝ වේ

අප්‍රේ 08, 2020

    නිරෝධායනයට ලක් කිරීමේ කාල සීමාව දින 21 දක්වා වැඩි කිරීමට කොවිඩ් -19 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කරයි.

    මෙතෙක් කල් නිරෝධායනය කරනු ලැබුවේ දින 14 ක කාලයක් පමණි.

    නමුත් මෙම කාල සීමාව තුළ නිරෝධායනය කළ ඇතැම් පුද්ගලයන්ට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    තවද නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිවෙස් කරා නිරෝධායනය කරන පුද්ගලයන් යොමු කිරීමට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

    මෙතෙක් කල් නිවෙස්වලට යොමු කළ පිරිස මෙලෙස පී.සී. ආර්. පරීක්ෂණයකට ලක් කර නොමැත.

    Latest News