icc

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරේ

අප්‍රේ 08, 2020

    අත්‍යාවශ්‍ය සේවා සඳහා 2020.04.10 වන දින තෙක් ලබා දුන් ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය ද ඒ අනුව අප්‍රේල් මස 30 වන දා දක්වා දීර්ඝ කර තිබේ.

    ඒ අනූව වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුලි සංදේශ, විදුලි හා ජල සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මාධ්‍ය ආදී රාජ්‍ය හා පෞද්ගලික අංශ මඟින් පවත්වා ගෙන යනු ලබන අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට ඔවුන්ගේ සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රයක් ලෙසට භාවිතා කිරීම සඳහා ලබා දුන් අවසරය තවදුරටත් අප්‍රේල් 30 වන දින තෙක් ‍දීර්ඝ කර තිබේ.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 08:50

    Latest News