අඩු ආදායම්ලාභී පවුල් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීම අඛණ්ඩව

අප්‍රේ 07, 2020

    ඇඳිරිනීතිය පැන වූ පසු පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීම අඛණ්ඩව සිදු කෙරේ.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ඊට හිමිව තිබේ.

    හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුවැව හා උල්පත්වැව ගම්මානවල අඩුආදායම්ලාභී පවුල් 500ක් සඳහා අත්‍යවශ්‍ය ආහාර මළු අද බෙදා දෙනු ලැබීය. ඒ කළුවැව රතන භාවනා මධ්‍යස්ථානයේ දී.

    පොළොන්නරුව ප්‍රදේශයේ විහාරස්ථාන 300ක් සඳහා සහල් ලබාදීම ද අද සිදු කෙරිණ. ඒ පෞද්ගලික ව්‍යාපාරිකයෙකුගේ දායකත්වයෙන්.

    අනුරාධපුර, රඹෑව, වහගොල්ලෑව ප්‍රදේශයේ තෝරාගත් පවුල් 500ක් සඳහා වියළි සලාක ඊයේ බෙදාදෙනු ලැබීය.

    මේ අතර නාච්චාදූව, හිදෝගම, ප්‍රදේශයේ පවුල් 350ක් සඳහා ද වියළි ආහාර මළු ප්‍රදානය කෙරිණ.

    මධ්‍යම පළාතේ පාරිභෝගිකයින් සඳහා සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ පැය 24 පුරා සැපයීමට මධ්‍යම පළාත් සමූපකාර සමිතිය පියවර ගෙන තිබේ.

    ගම්පොළ ප්‍රදේශයේ පවුල් 250ක් සඳහා ද වියළි ආහාර අද බෙදා දෙනු ලැබීය. ඒ ගම්පොළ රතනඝර විහාරස්ථානයේදී.

    Latest News