මඩු දේවස්ථානයේ විශේෂ දේව මෙහෙය (වීඩියෝ)

අප්‍රේ 07, 2020
  • කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් සහ ලෝකයෙන් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් මන්නාරම මඩු දේවස්ථානයේ අද විශේෂ දේව මෙහෙයක් පැවැත්විණ.

    මන්නාරම රදගුරු ආචාර්ය ඉමානුවෙල් ප්‍රනාන්දු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එය සංවිධාන කෙරිණ. දේව මෙහෙය පැවැත්වුණේ, සිංහල හා දෙමළ භාෂාවලින්. ලොව පුරා කොරෝනා ආසාදිතයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මෙන්ම ඔවුන්ට සත්කාර කරන සෞඛ්‍ය කාර්ය මන්ඩලයට ආශිර්වාද කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

    මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ලොව බොහෝ පිරිසකට ආහාර ලබාගැනීමට නොහැකි වී සිටී. ඔවුන්ට කඩිනමින් එම තත්වයෙන් මිදීමට හැකිවේවා“යිද මෙහිදී ප්‍රාර්ථනා කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 07 අප්‍රේල් 2020 20:33

    Latest News