මාධ්‍ය ආයතනවල වගකීම සහ මුහුණ දෙන ගැටළු අවධානයට (වීඩියෝ)

අප්‍රේ 07, 2020
  • ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ සවස පැවැත්විණ.

    ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී. කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳ අවධානය යොමුවූ අතර, පවතින තත්වය හමුවේ මාධ්‍යයට පැවරෙන වගකීම හා මාධ්‍ය ආයතන මුහුණ දී ඇති ගැටලු ආදිය පිලිබඳව ද අවධානය යොමු කෙරිණ. රෝගය පාලනයට සියලු මාධ්‍යයන්ගෙන් ලැබෙන දායකත්වය ද ඇගැයීමට පාත්‍රවිය.

    රජයේ සහන වැඩපිළිවෙළ පිළිබඳ තවදුරටත් ජනතාව දැනුවත් කිරීමට අවධානය යොමු විය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on අඟහරුවාදා, 07 අප්‍රේල් 2020 20:10

    Latest News