සමාජ සංරක්‍ෂණ අරමුදලට තවත් රු. කෝටි 06ක්

අප්‍රේ 07, 2020

    ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කොවිඩ් 19,සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ අරමුදලට රුපියල් කෝටි 06ක මුදලක් අද පරිත්‍යාග කළේය.

    ඒ අනුව, එහි ශේෂය රුපියල් මිලියන 420 ඉක්මවා තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සේවය නියුතු 1,202 දෙනෙකු ස්වේච්ජාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක්, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අරමුදලට බාරදෙනු ලැබීය.

    වැඩබලන පොලිස්පති, සී.ඩී. වික්‍රමරත්න මහතා රුපියල් කෝටි 05ක මුදලක් අද බාර දුන්නේය. මූල්‍යමය දායකත්වය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ අරමුදලෙන්. පරිත්‍යාගය බාරගත්තේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතායි.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැක. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස්. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් ද මුදල් තැන්පත් කළ හැක. දුරකතන අංක 011-2354479, 011-2354354 ඔස්සේ අධ්‍යක්‍ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙල මහතා ඇමතීමෙන් වැඩිදුර විස්තර දැනගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    Last modified on අඟහරුවාදා, 07 අප්‍රේල් 2020 18:02

    Latest News