පොලිසියෙන් අලුත් ඇමතුම් අංකයක්

අප්‍රේ 02, 2020
    කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
    1933 එම නව දුරකථන අංකය වන අතර මීට අමතරව 119 දුරකථන මධ්‍යස්ථානයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වේ.
    119 දුරකථන අංකය කාර්යබහුල වීම වැළැක්වීමට, එම අංකයට යොමු වන ඇමතුම් සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරනු ලැබේ.

    Latest News