එජාපයේ මන්ත්‍රීවරු අද ආණ්ඩු පක්ෂයේ අසුන්වලට

දෙසැ 18, 2018

    එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්, අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.

    ඒ අනූව, මෙතෙක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු, විපක්ෂයේ අසුන් ගනිති. නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙතෙක් දිවරුම් නොදීම නිසා අග්‍රාමාත්‍ය ධුරයට පමණක් අසුනක් වෙන් කෙරෙන බව, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. අමාත්‍ය මණ්ඩලය පත්කිරීමෙන් පසු, සෙසු අසුන් පවන බන නීල් ඉද්දවෙල මහතා කියා සිටී.

    විපක්ෂ නායක අසුන සම්බන්ධයෙන්, මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. කතානායක කරූ ජයසූරිය මහතා සමග, හෙට පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව, නියෝජ්‍ය මහලේකම්වරයා පවසයි.

     

     

    Latest News