ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය

මාර් 25, 2020

    දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

    ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇත.

    පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 වෙන සිකුරාදා පෙරවරු 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

    සෙසු දිස්ත්‍රික්ක වලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) පෙරවරු 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

    මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලබන අතර ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර ඇත.

    කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළ යුතු බව රජය දැනුම් දී සිටියි.

    Latest News