රජයටත්, ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත් කරපු සත්කාරවලට ස්තූතියි (වීඩියෝ)

මාර් 25, 2020
  • නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායමේ සාමාජිකයින් එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයට සහ යුද හමුදාවට ප්‍රසාදය පළ කරයි.

    මාර්තු 10 වැනිදායින් පසු නිරෝධායනයට ලක්වූ කණ්ඩායම් කිහිපයක් මේ වනවිට නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ. මෙම පළමු කණ්ඩායම නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන අවස්ථාවේ ඇතිවූයේ නොසන්සුන්කාරී තත්වයක්. ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ කළ ඇතැම් ප්‍රකාශ සමාජයේ දැඩි විවේචනයට ලක්වූහ. 

    නිරෝධායනය නිමවීමෙන් පසු ඔහු පළ කළේ මෙවන් අදහසක්.''


    “මිනිස්සු තුළ ලොකු වැරදි වැටහීමක් ඇති වුණා මම දාපු වීඩියෝ කිහිපයක් තුළින්. නමුත් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා. මේ අවස්ථාවේදී අපේ හමුදාවේ, පොලිසියේ අය අපිට හොඳට සත්කාර කළා. නමුත් මට ඒ දේ ජනතාවට කියාගන්න බැරිවුණා වැරදි ප්‍රතිරූපයක් ජනතාගත කිරීම තුළින්. ජනතාවට වැරදි ප්‍රතිරූපයක් ඇතිවුණා නම් ඒ ගැන මම කනගාටු වෙනවා. ඇ.ත්තටම මගේ ඇස්වලට කඳුලු එනවා. හමුදාව මේ ලෑස්ති කරලා තියෙන ඒවා දැක්කම. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා රජයටත්, අපේ ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත් අපිට මේ කරපු සත්කාර ගැන“ යැයි ඔහු පැවසීය.

    Last modified on බදාදා, 25 මාර්තු 2020 19:59

    Latest News