මහා පරිමාණ නීති විරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලයි

මාර් 25, 2020

    ගිරිඋල්ල, බෝපිටිය ප්‍රදේශයේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ගිරිඋල්ල පොලිසිය විසින් මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය. ස්පීතු බෝතල් 1500ක්, ගෝඩා ඩ්‍රෑම් 64,800ක්, ගෑස් සිලින්ඩර් 32ක්, බැරල් 30ක් සහ දඟර 03ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට එම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.

    මෙම මත්පැන් ජා-ඇල, වත්තල, කොච්චිකඩේ යන ප්‍ර දේශවලට තොග වශයෙන් බෙදා හැර තිබේ. දිවයිනේ සියලු සුරාසැල් වසා ඇති අවස්ථාවක විශාල වශයෙන් මෙම නීති විරෝධි මත්පැන් බෙදාහැරීමට සැලසුම් කර තිබිණ. සැකකරුවන් අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 25 මාර්තු 2020 19:52

    Latest News