සමාජයීය ගැටලු විසඳීමට දුරකතන අංක

මාර් 25, 2020

    ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ ජනතාවට බලපාන සමාජයීය ගැටලු විසඳීමට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා දුරකතන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබේ. ජනතාව නිවෙස්වල ගතකරන අවස්ථාවේදී ඇතිවිය හැකි රෝගී තත්වයන්ට මුහුණදීම, විදුලිය හා ජල සැපයුම් බිඳවැටීම සහ ඖෂධ අවශ්‍යතා සඳහා පොලිසියේ සහය පැතිය හැකිය. ඒ සඳහා 119, 0112-4444480, 0112 - 444481 යන දුරකතන අංක හඳුන්වා දී තිබේ. එවැනි අවශ්‍යතා ඇති පුද්ගලයන් මෙම දුරකතන අංක වෙත ඇමතුම් ලබාදෙන ලෙස, ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

    Latest News