ගොවීන්ට නොමිලයේ පොහොර ලබාදීම අඛණ්ඩව (වීඩියෝ)

මාර් 25, 2020
  • ගොවීන්ට නොමිලයේ පොහොර ලබාදීම අඛණ්ඩව සිදුකරන බව, ලංකා පොහොර සමාගම පවසයි.

    එහි වැඩබලන සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ, පොහොර මෙට්‍රික් ටොන් 15ස් දහසක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වී ඇති බවයි.

    රජය නොමිලයේ පොහොර බෙදාහැරීමේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ. කොළඹ වරායට සේන්දු වී ඇති නෞකාවේ පොහොර ගොඩබෑම දිවා රාත්‍රියේ සිදු කෙරේ. හුණුපිටිය ප්‍රධාන ගබඩා සංකීර්ණයේ සිට ප්‍රාදේශීය පොහොර ගබඩාවලටත් දිවයින පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතත් අවශ්‍ය පොහොර තොග බෙදාහැරීම මේ වනවිටත් ලංකා පොහොර සමාගම අඛණ්ඩව සිදුකරමින් පවතී.

    රට පුරා පනවා ඇති ඇඳිරි නීතිය වගා කටයුතු සඳහා බලනොපාන බව රජය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ගොවි ජනතාව අස්වනු නෙලීම ආරම්භ කර තිබේ.

    වී අස්වනු නෙලීමේ කාලවකවානුව ආරම්භ වීමත් සමඟ පැනවූ ඇඳිරි නීතිය හමුවේ ගොවි ජනතාව බලවත් අපහසුතාවට පත්වූහ. ඒ පිළිබඳ අවධානය යොමු කළ රජය වගා කටයුතු සහ අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට අවසර ලබාදී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරේ. ඒ පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ගොවි ජනතාව සිය ප්‍රණාමය පළ කරයි.

    කන්තලේ ප්‍රදේශයේ වී අස්වනු නෙලීම ද මේ දිනවල ආරම්භ කර තිබේ. කිසිදු ගැටලුවකින් තොරව ගොවි ජනතාව එම කටයුතුවල නිරතවේ.

    Last modified on බදාදා, 25 මාර්තු 2020 19:59

    Latest News