දානමාන අඩු විහාරස්ථානවලට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් පහසුකම්

මාර් 25, 2020

    රටේ උද්ගතව ඇති තත්වය හමුවේ, දානමාන ප්‍රත්‍ය පහසුකම්‌ අඩු විහාරස්ථානවලට පහසුකම්‌ සැලසීමට, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සූදානමින්‌ සිටියි.

    නිවේදනයක්‌ නිකුත්‌ කරමින්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාරිතමේන්තුව පවසන්නේ, එවැනි චිහාරස්ථාන සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමින්‌ වහන්සේ මගින්‌ දැනුම්දීමට පියවර ගන්නා ලෙසයි. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමින්‌ වහන්සේ මේ බව කියා සිටියි.

    වැඩිදුර තොරතුරු 071 44 22 006 / 038 22 32 868 / 071 439 4449 / 037 22 67 225 යන දුරකථන අංක ඔස්සේ දැනගත හැකියි.

    Last modified on බදාදා, 25 මාර්තු 2020 16:05

    Latest News