නිරෝධායනයට ලක්වූ තවත් 201 දෙනෙකු මුදා හැරේ (වීඩියෝ)

මාර් 25, 2020
  • නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයින් 201 දෙනෙකු කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් අද (25) මුදා හරිනු ලැබිණි.

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 144 දෙනෙකු සහ පූනානි හි නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 57 දෙනෙකු මෙලෙස මුදා හැරි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේ. මොවුන් පසුගිය 11 වනදා ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

    ඊයේ දිනයේදී ද පූනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 311 දෙනෙකු ද නියමිත කාලසීමාව ඉක්මවූ පසු මුදා හැරිමට යුද හමුදාව පියවර ගනු ලැබිණි.

    Last modified on බදාදා, 25 මාර්තු 2020 20:05

    Latest News