ඇඳිරිනීතිය, මත්කුඩුවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට පහසුවක් (වීඩියෝ)

මාර් 24, 2020
  • කොරෝනා රෝගය ව්‍යාප්තිය මර්දනය කිරීමට දිවයිනේ ක්‍රියාත්මක ඇඳිරිනීතිය මත්කුඩුවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මහඟු කාලසීමාවක් බවට පත්ව තිබේ.

    ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. දින ගණනාවක් පුරා මත්කුඩු නොලැබීම නිසා ඊට ඇබ්බැහිවූවන් මේ වනවිට මහත් මානසික ආතතියට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ. එම නිසා ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ පුනරුත්ථාපනයට යොමු කිරීම දැන් සිදු කළ හැකි ප්‍රධාන කාරණාවක්. මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට අධික තරහයාම, අධික දහඩිය දැමීම, උණ, මස්පිඩු වේදනාව, අපස්මාරය වැනි රෝග ලක්‍ෂණ ඇත්නම් හැකි ඉක්මණින් දැනුම් දෙන්නැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Last modified on අඟහරුවාදා, 24 මාර්තු 2020 20:39

    Latest News