දකුණු මුහුදේ ඇල්ලූ හොරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය දික්ඕවිට වරාය වෙත

මාර් 05, 2020

    දකුණු මුහුදේ දී නාවික හමුදා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය හා යාත්‍රා අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබීය. ඒ දින 25ක පුළුල් සාගර මෙහෙයුමකින් අනතුරුවයි.

    මෙය මේ දක්වා වරක දී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගයයි. යාත්‍රාවල තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනිණ. එම යාත්‍රා ලියාපදිංචි රට කවරේදැයි, යන්න තහවුරු කිරීමට ජාවාරම්කරුවන් සමත්වී නොමැත.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ප්‍රකාශ කළේ, මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ පළමු තොරතුරු මාසයකට පමණ ඉහත දී ලබා ගැනීමට හැකිවූ බවයි. එය විශ්ලේෂණය කරමින් බුද්ධි තොරතුරු රැස් කරමින් නවීන තාක්ෂණය ද යොදා ගෙන තොරතුරු වැඩිදියුණු කර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව සමත්විය. ශ්‍රී ලංකාවේ සිට දකුණු දිග මුහුදේ කිලෝමීටර 1,100ක පමණ දුරක දී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ එම තොරතුරු අනූවයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුරළ හා සමුදුර නෞකා මෙහෙයුමට එක්විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 12:15

    Latest News