තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම 9 සිට 19 දක්වා

මාර් 04, 2020

    පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    තැපැල් ඡන්ද අයඳුම්පත් බාර ගැනීම 9 වැනිදා සිට 16 වැනිදා දක්වා සිදු කරන බවයි, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ. ඒ සඳහා නාමයෝජනා බාර ගැනීම ලබන 12 වැනිදා සිට 19 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති.

    මෙවර මහ මැතිවරණයේ දී 2019 ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය භාවිත කෙරේ. එහි පසුගිය ජනාධිපතිවරණයට 2,71,778 දෙනෙකු ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නිදහස් සාධාරණ විනිවිදභාවයෙන් යුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි, ඔහු ඊයේ මහනුවර දී කියා සිටියේ.

    Last modified on බදාදා, 04 මාර්තු 2020 07:31

    Latest News